Opinion

COVID Serious ගන්න එපා, be like our all අදර් Sri Lankat people ….!

Summary

Port City, Moratuwa mayor, Chandimal, Piumi Hansamali, Kurunegala mayor, X Press Pearl – ඔය මොකක්හරි අල්ලගෙන දවස ගෙවනවා, බඩ ගෝස්තරේ හොයාගන්නවා,හෙට තවත් මොකක් හරි එකක් අල්ල ගන්නවා, දවස ගෙවනවා, බඩ ගෝස්තරේ හොයාගන්නවා.

COVID cases එකක් – දෙකක් ආව කාලේ කට්ටිය හොදටම බය වුනා, 100% ගෙදර හිටියා, පස්සේ අමතක වුනා, ඊට පස්සේ cases දහය – විස්ස ආවා, බය වුනා, පස්සේ අමතක වුනා, ඊට පස්සේ deaths එකක් – දෙකක් ආව, හොදටම බය වුනා, පස්සේ අමතක වුනා, ඊටත් පස්සේ cases සීය – දෙසීය – දාහා – දෙදාහ – තුන්දාහ ආවා, deaths දහය – විස්ස – තිහ – හතලිහ ආව, බය වුනා – අමතක වුනා – ඔහේ ගියා.

මම අර රතු පාට line එක දම් පාට line එක cross කරන එක ගැන ලිවුවා මතකනේ, ඊටත් ඉස්සර ගොඩාක් ඒවා ලිවුවා – කිවුවා මතකනේ, අරමුණ සමාජ කතිකාවතක් ඇති කරන එක, අඩුම ගානේ මේ group එක තුලවත් කතිකාවතක් ඇති කරන එක, තමන් (as an individual) කොහොමද මේකෙන් ආරක්ෂා වෙන්නේ – පවුල කොහොමද මේකෙන් ආරක්ෂා කරන්නේ කියන කතිකාවත ඇති කරන එක, උනාද ? නෑ……! ඕවා ලිවුවට බලන / බලපු කට්ටියත් නෑ – කිවුවට අහන / අහපු කට්ටියත් නෑ, මේ wall එකේ උඩ පල්ලෙහා බැලුවත් මේ පොඩි group එකේ තියන opinions – angles වුනත් වෙනස්නේ, ඉතිං ලංකාව ගැන මොන කතාද …..

😃

ලංකාවේ ජනගහනයෙන් වැඩි කට්ටියක් advisors ලා, opinion makers ලා, critics ලා, government, opposition, unions, media, people, එකී – මෙකී – නොකී සියලුම කට්ටිය advisors ලා, opinion makers ලා, critics ලා, එතකොට වැඩකරන කට්ටිය, උපදෙස් පිලිපදින කට්ටිය ? මහ ජනතාව ? එහෙම අය නෑ, media conference, TV show, internet, social media platforms වල එන / comment කරන බහුතරයක් advisors ලා, opinion makers ලා, critics ලා තමන් කියන එක / කියපු එක හරි අනිත් ඔක්කොම වැරදියි කියන්න උත්සාහ කරනවා, කාට හරි බනිනවා, පට්ට ගහනවා, comments දෙනවා, posts දානවා, ඒ ඇරෙන්න කොහොමද මේකෙන් බේරෙන්නේ, කොහොමද මේකෙන් ආරක්ෂා වෙන්නේ, කොහොමද COVID එක්ක ඉස්සරහට යන්නේ, ජීවත් වෙන්නේ කියන සමාජ කතිකාවත ගේන්‍න උත්සාහ කරන්නේ නෑ, plan හදන්නේ නෑ, හදන්න උදවු කරන්නේ නෑ, හදල තියන මගුලක් ක්‍රියාත්මක කරන්නෙත් නෑ, advisors, opinions, critics පමණි, ඔය කිවුවා වගේ හැමෝම රැල්ලට අහුවෙලා Port City, Moratuwa mayor, Chandimal, Piumi Hansamali, Kurunegala mayor, X Press Pearl – ඔය මොකක්හරි අල්ලගෙන දවස ගෙවනවා, බඩ ගෝස්තරේ හොයාගන්නවා,හෙට තවත් මොකක් හරි එකක් අල්ල ගන්නවා, දවස ගෙවනවා, බඩ ගෝස්තරේ හොයාගන්නවා.

දැන් lock-down ඕනමයි කිවුවා, දාන්නෑ දාන්නෑ කියලා බැන්නා, දැම්මා, කන්න බඩු නෑ කියලා බැන්නා, ඇරියා, සෙනග පාර පුරා කියලා බැන්නා, ආයිත් දැම්මා, cases වැඩ්යි කිවුවා, දික්කරා, ආයිත් දික්කරා, ආයිත් ආයිත් දික්කරයි, hospital වල ඇදවල් වල ප්‍රශ්නේ හරි ගියාද ? ගෙවල්වල හිටපු ලෙඩ්ඩු  hospital ගෙනිච්චාද ? positive ගාන බැස්සද ? මරණ අඩුවුනාද ? ඒවා කවුද කරන්නේ, Health එකද ?  Health එක කියන්නේ පවිත්‍රා මැඩම්ද ? එයා විතරද ? ඔය ඔක්කොම Health එකට විතරක් කරන්න පුලුවන් වෙයිද ? එක් එක්කෙනාට individual responsibility එකක් නැද්ද, ඔක්කොම බලන් ඉන්නවා කවුරැහරි කරයි කියලා, එතකොට lock-down කියලා කට්ටිය ගෙදරටම වෙලා හිටියද ? නෑ…! පාරේ මිනිස්සු – වාහන පිරිලා,  ලංකාවේ ඔක්කොම අත්‍යාවශ්‍ය සේවාද ? දන්නෑ….! අජිත් රෝහණට හැමෝගෙම පස්සේ ඉන්න පුලුවන් වෙයිද ? බෑ….! ඉතින් lock-down එක කට්ටියකට ශෝක්..කට්ටියකට දුක..!

Lock-down ඕනමයි කිවුව කට්ටිය දැන් බලනවා ඇති lock-down එක හරි නොගියොත් මොකක්ද දාන තියරිය කියලා, lock-down එපා කිවුව කට්ටිය දැන් බලනවා ඇති lock-down එක හරි නොගියොත් lock-down ඉල්ලපු එවුන් පට්ට ගහන්නේ කොහොමද කියලා.

හැබැයි ප්‍රදාන ප්‍රශ්නේ ඒක නෙමෙයි, ප්‍රදාන  ප්‍රශ්නේ තමයි lock-down ඉවරවෙද්දි අපි ආයිත් ඉන්නේ lock-down පටන් ගත්ත දවසේ COVID තත්ත්වේමද – එදාට economy එක නොස් ඩවුන්ද – හාල් කිලෝ එක double price ද කියන එකයි. 🤨

COVID එක නෙවෙයි, මේ හැම ප්‍රශ්නේටම  මුල අපේ විනය, individual, community and country discipline, අපේ කිසිම විනයක් නෑ, ගෙදර, ගමේ, ඉස්කෝලේ, ආයතනයේ, කඩේ, පාරේ, බස් එකේ, කෝච්චියේ, ඔෆ්ස් එකේ, පාර්ලිමේන්තුවේ, පක්ශේ, විපක්ශේ, එහේ, මෙහේ, හැමතැනම, හැමෝගෙම, no discipline, ඉතින් මේ ලෙඩේ ඉවර වෙයිද ? නෑ…! ගෝථාභය ජනාධිපති කියලා මේ ලෙඩේ ඉවර වෙයිද ? නෑ…!  එතකොට රනිල් parliament ආවොත් මේ ලෙඩේ ඉවර වෙයිද ? නෑ…!  එතකොට සජිත් president වුනොත් මේ ලෙඩේ ඉවර වෙයිද ? නෑ…! එතකොට අනුර කුමාර president වුනොත් මේ ලෙඩේ ඉවර වෙයිද ? නෑ…! එතකොට ලංකාව චීනෙට විකුනුවොත් මේ ලෙඩේ ඉවර වෙයිද ? නෑ…! එතකොට ලංකාව ඇමෙරිකාවට බදු දුන්නොත් මේ ලෙඩේ ඉවර වෙයිද ? නෑ…! එතකොට ලංකාව ඉන්දියාවට යටත් උනොත් මේ ලෙඩේ ඉවර වෙයිද ? නෑ…! එතකොට government එක change වුනොත් මේ ලෙඩේ ඉවර වෙයිද ? ඒත් නෑ…!

අපේ individual, community and country discipline හැදෙනකන් – අපේ වහල් මානසිකත්වය නැතිවෙනකන්, ලංකාව එතනමයි, කට්ටියක් ලෙඩ වෙලා, කට්ටියක් මැරිලා, vaccine ඇවිල්ලා, vaccine ගහලා, Fourth Wave එකකුත් ඇවිල්ලා, මොනවා මොනවාහරි වෙලා COVID හිමීට හිමීට ඉවර වෙයි, ලංකාව එතනමයි, ලංකාව තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින රටකි, ඉතිං ඇත්තටම අපේ ලෙඩේ COVID නෙවේ, විනයයි – වහල් මානසිකත්වයයි, හා නැද්ද ?  

ඉතිං ලංකාවේ මොන System Change ද 1948 ඉදන්ම ක්‍රමේ මේකනන්, System Change කරන්න බෑ මොකද Machine එක සුපිරියට මලකඩ කාලා, Beyond Economical Repairs……!

සුද්දා හොද වෙලාවට 1948 දි නිදහස දුන්නේ, 1900 විතර දීලා තිබුනන් මල කෙලියයි.

So, කොවිඩ් serious ගන්න එපා, be like our every other Sri Lankat people ….!

Leave a Reply

Your email address will not be published.