Opinion

LOCK-DOWN ජොගිය

Summary

ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ කවදාහරි ලංකාවේ මේ බාල, third class, පටු, අවස්ථාවාදී දෙශපාලන culture එකයි, එක එකා අතර තියෙන blame-game එකයි, dog-fight එකයි නවතින දවසේ, අපේ – රටේ discipline හැදෙන දවසේ කොවිඩ් විතරක් නෙවෙයි ලංකාවේ ගොඩාක් ප්‍රශ්න ඉවරවෙයි. හැබැයි ඉතින් ඒ දවස එනකොට එක්කො කොවිඩ් හැදිලා හරි, නාකිවෙලා හරි අපි මැරිලා, එක්කො ලංකාව ආයිත් කාගේහරි යටත් විජිතයක් වෙලා…!

  • Save

එනවා..නෑ..එනවා..නෑ..වගේ ඇදලා..ඇදලා..තටමලා..තටමලා..අන්තිමේදී ලොක් ඩවුන් ආවා….!

දැන් ලොක් ඩවුන් ගෙනාව එකේ ගෞරවය දෙන්න ඕනා කාටද ? SLMA එකටද ? GMOA එකටද ? AMS එකටද ? SJB යටද ? JVP යටද ? FSP යටද ? අර ලියුම යවපු ආන්ඩුවේ සුපින් පක්ෂ 10 යටද ? මහනාහිමිවරැන්ටද ? නැත්නම් ඇත්තටම කාටද ? එතකොට ලොක් ඩවුන් ඕනා politics කරන්නද ? අවංකව කොවිඩ් පාලනයටද ? අපිට තේරෙන්නෙ නෑනේ…!

කොවිඩ් කියන්නේ වයිරස් එකක්. ඒකට SLPP, SLFP, UNP, SJB, JVP, FSP හරි වෙන පක්ෂ, පාටක්වත් හරි, SLMA, GMOA, AMS හරි, PHI හරි වෙන ඕනම union එකක්වත් හරි අදාල නෑ කියලා තේරෙන්නෙ අපිට විතරද ?

දැන් ලොක් ඩවුන් වලින් පොලිටික්ස් ආතල් ගත්ත කට්ටිය අමාරුවෙ. ඇයි ? ලොක් ඩවුන් කරපිය කියන සටන් පාටය තවදුරටත් අදාල නෑ. දැන් වෙන එකක් හොයාගන්න ඕනා.

දැක්කනේ දැන් JVP කට්ටිය track මාරැකරපු හැටි ? (Dr.) ලාල්කාන්ත කියන්නේ දවසට PCR 100,000ක් කරන්නලු. මේ දවස් දහයට ලෙඩ්ඩු අඩු කරන්නද ? නෑ…! Hospitals වල තත්ත්වය double කරලා, වැඩේ වකූර් කරලා, දවස් දහයකට පස්සේ ලොක් ඩවුන් එක අනාගත්තා කියලා, ඒක politically use කරන්න. Protests ටික orgsnize කරලා, ඩෙල්ටා රටවටේ ඇරලා, රටටම ඇරලා, 100,000 PCR කරන්නලු. එතකොට වසන්ත සමරසිංහ කියනවා ඇහුනා garment factories ඔක්කොමත් වහන්නලු. Garment workersලට ආදරේටද ? නෑ…! ආර්ථිකයට තවත් කෙලවලා ගන්න. කාලකන්නි නෙවෙයිද ? තේරැනේ නැද්ද JVP එකට කවදාවත් ආන්ඩු කරන්න බැරි හේතුව.

SJBය එහෙමත් දැන් ඊලඟ සටන් පාඨය හදනවා ඇති. 5000 දීපිය..! කන්න දීපිය…! බොන්න දීපිය…! වැඩට යන්න දීපිය…! එතකොට අන්තිම දවස් ටික ලංවෙනකොට එක්කො රට ඇරපිය නැත්නම් ආයිත් ලොක් ඩවුන් කරපිය…! මේක තමයි ලංකාවේ විපක්ෂ parties වල කොවිඩ් strategy එක.

එකෙක්වත් මේ දවස් දහය කලමනාකරණය කරන්න ඕන practical ක්‍රමවේදයක් ගැන කතා කරන්නෑ. ඉස්සෙල්ලා පාර කිවුවා වගේ ලකුනු බෙදෙයි කියලා බයයි…!

දැන් රවී කුමුදේශ් කියන්නේ surprise ලොක් ඩවුන් එපාලු. හිනා යන්නේ නැද්ද ? ලැබ් වල ඉන්න ගොඩාක් අය රවී කුමුදේශ්ගේ union එකේ සාමජිකයෝ. ලැබ්වල issues තියෙනවා කියන්නේ ඒකට පොරගෙම කට්ටියත් සම්මාදන් නැද්ද ? ඉතින් පොරට තියෙන්නේ මේ දවස් දහය ලැබ්වල තියෙන problems ගොඩදාගන්න නෙවෙයිද ? ඒ plan එක කවුද දෙන්න ඕනා ? සෞඛ්‍ය ඇමතිද ?

MoHලා වැඩි පිරිසක් SLMA, GMOA, AMS සාමජිකයෝ නෙවෙයිද ? එතකොට රෝහල් පිරිලා, මෝචරි පිරිලා, රෝහල් කලමනාකරණය වෙන්නෑ කියලා SLMA, GMOA, AMS එක කියනකොට ඒකට ඒගොල්ලන්ගෙම කට්ටියත් ලාවට responsible නැද්ද ? ඉතින් SLMA, GMOA, AMS එකට තියෙන්නේ මේ දවස් දහය ඔය ඔක්කොමත් එක්ක එකතුවෙලා ඔය තියෙන problems ගොඩදාගන්න නෙවෙයිද ? ඒ plan එක කවුද දෙන්න ඕනා ? ජනාධිපතිද ?

PHIලා ගොඩාක් උපුල් රොහනගේ union එකේ සාමජිකයෝ. එතකොට quarantine ගැටලු, අර ගැටලු, මේ ගැටලු කියන ඒවාට ඔය සංගමයේ අයත් ගෑවෙන්නැද්ද ? එහෙනම් උපුල් රෝහනට තියෙන්නේ මේ දවස් දහය PHIලා ඔක්කොම එකතු කරගෙන ඔය තියෙන ගැටලු ගොඩදාගන්න නෙවෙයිද ? ඒ plan එක කවුද දෙන්න ඕනා ? සෞඛ්‍ය රාජ්‍ය ඇමතිද ?

තේරෙන්නෙනැති හින්දා අහන්නේ, ඔය PCR, AntiGen සාම්පල් ගන්නකොට නම් ගම් ලියාගන්නේ නැද්ද ? ලියාගන්නවානම් ඒවා තුන්ඩු කෑලිවලද ලියන්නේ නැත්නම් data manegmemt system එකකටද දාන්නේ ? PCR, AntiGen සාම්පල් ගන්නනේ MoHලාද ? PHIලාද ? ග්‍රාමසේවකලාද ? මොකද දැන් data වැරැදි කියලා එක එකා කුලල් කන – මරා ගන්න – blame කරගන්න අතරේ ඔය සාම්පල් ගන්න තැන් වල ඉන්න MoHලා, PHIලා ඉදන්, ලැබ්වල test results එවන අය ඉදන්, මුලු සෞඛ්‍ය පද්ධතියම මේකට වැරැදියි කියලා තේරැනේ නැද්ද ? එතකොට බැනගන්නේ උන් උන්ටමනේ. ඌ මට ගහනවා – මට උන් ගහනවා වගේ කේස් එකක්නේ. අවුරුදු එකහාමාරක් කොරෝනා එක්ක ඉදලා data මේ වගේ තුන්ඩු කෑලිවල ලියාගෙනනම් ගේම ගහලා තියෙන්නේ මේ ගානටවත් කොවිඩ් වලින් බේරැනා මදැයි..!

හොදම ආතල් එක මේ අවුරුදු එකහාමාරම ඔය තුන්ඩු කැලිවල ගනන් ලියනකන් SLMA, GMOA, AMS වලට අයිති MoHලා, උපුල් රෝහනගේ PHI union එකේ සාමජිකයෝ, රවී කුමුදේශ්ලාගේ ගැන්සියයි බම්බු ගැහුවාද ? වැඩේ check උනේ නැද්ද ? මීට වඩා හොද නැද්ද අර සූටින් – මාටින් කාටුන් එකේ ඉන්න ජෝකර්ලා කට්ටිය….!

අඩුමගානේ data manegmemt system හදාගන්න එකට මේ ලොක් ඩවුන් කාලේවත් යොදා ගන්න බැරිද ?

දැන් ඔය ජනාධිපති ඒදා කතාවේ කිවුව විදියට නහයටත් උඩින් ගිහින් තියෙන ආර්ථික ගැටලු මැද ඇත්තටම සෞඛ්‍ය ගැන හිතලා හරි, මහනාහිමිවරැන්ට ගරුකරලා හරි ලොක් ඩවුන් කරපු එකේ නියම ප්‍රතිපල හරියට ගන්නනම් මේ දවස් 10 තුල එක එක parties තමතමන්ගේ වැඩ ටික ගොඩා දාගන්න ඕනා නේද ?

එතකොට අවුරුදු 60 වඩා වැඩි කට්ටිය අනිවාර්යයෙන් එන්නත් කරන එක, රොහල් වල ඇති තදබදය මේ කාලේ අවම කර ගන්න එක, හොම් කෙයා සහ ICC ක්‍රමවත් කරගන්න එක, ICU, අලුත් හරි තාවකාලික හරි hospitals ඇති කරන එක, ඔක්සිජන් තොග සහ අනෙකුත් medical අවශ්‍යතා ලබා ගන්න එක, data අවුල් ලිහා ගන්න එක කලොත් නරකද ?

නැත්නම් කැට තියන්නම්, අගෝස්තු 30 වෙනිදා ආයිත් රට ආයිත් අරින දවසේ COVID තත්ත්වය එතනින්මයි හාල් කිලෝවක් රැපියල් 300. අනිවා – ඩෙෆා….! කොහොමටත් බඩුවල තියෙන ගනන් හැටියට අපි දැනටමත් බාගෙට කැපකිරීම් කරලා තමයි ඉන්නේ.

තව එකක්, මේ කොවිඩ් vaccine එක වගේ මොකක්හරි vaccine එකක් කාටවත් හදන්න බැරිවෙයිද අපේ කට්ටියගේ self-discipline හදාගන්න. මොකද තාමත් මේ problem එකේ ලොකු කොටසක් අපේ self-discipline වල ගැටලුවක් නෙවෙයිද ?

ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ කවදාහරි ලංකාවේ මේ බාල, third class, පටු, අවස්ථාවාදී දෙශපාලන culture එකයි, එක එකා අතර තියෙන blame-game එකයි, dog-fight එකයි නවතින දවසේ, අපේ – රටේ discipline හැදෙන දවසේ කොවිඩ් විතරක් නෙවෙයි ලංකාවේ ගොඩාක් ප්‍රශ්න ඉවරවෙයි. හැබැයි ඉතින් ඒ දවස එනකොට එක්කො කොවිඩ් හැදිලා හරි, නාකිවෙලා හරි අපි මැරිලා, එක්කො ලංකාව ආයිත් කාගේහරි යටත් විජිතයක් වෙලා…!

එතකන් අපි මේ LOCK-DOWN ජොගි දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉමු….!

(ඒ අතරේ vaccine එක තාම ගහගත්තේ නැත්නම් ගහගමුද please ?)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap